Wednesday, July 4, 2018

නෑසුණු වදන්

කවර නොදැමූ පොත
දැක කෝප වූ ගුරු සිත
ගෙන්වා අයිති කාරිය
අසයි නොදැමූ කාරිය

දෙමවුපියො නොබලුවෙද
දරුවො පොත ගරු නොකළෙද
දැරිය නිරුත්තර
බලයි බිම හිස පහත් කර

නැත මට මවුපියන්
සදා දෙන රස බොජුන්
පෙර පැය විසි හතර
මදි විය දමන්නට කවර

දෙනතුරු දැරිය පිළිතුරු
ඉවසා නොසිටි තැන ගුරු
පොත ගියේ ගුවනට
කඳුළු දී දැරි දෙනෙතට

සිර කර සියලු දුක්
හෙළා දුක් සුසුමක්
විඳගෙන රුදුරු දඬුවම
ඉවත ගියෙ ඈ නිහඬවම



Monday, July 2, 2018

Rainbow

She made it rain,
          when she was happy
He made it sunny,
          when he was happy
Together they were so happy,
          that they made a rainbow